බීමත් දුම්රිය රියදුරු දුම්රිය නවතා දිව යයි
කොළඹ දුම්රිය මාර්ගයේ සිට පේරාදෙණිය හරහා මහනුවරට ඇතුල්වූ දුම්රියක රියදුරුවරයා අධික බීමතින් සිටින බවට එම දුම්රියේ සිටි මගීන් විරෝධය දැක්වීම හේතුවෙන් මහනුවර දුම්රිය ස්ථානයට ආසන්න සුදුහුම්පොළ දුම්රිය ස්ථානයේදී චෝදනාවට ලක් වූ දුම්රිය රියදුරුවරයා දුම්රිය නවතා පලායාම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක්උද්ගත වී ඇති බව පොලීසිය කියයි .
කෙසේ නමුත් එසේ පලා ගියදුම්රිය රියදුරුවරයා දුම්රිය ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන මහනුවර මූලස්ථාන පොලිසියට ඉදිරිපත් කිරීමෙන් පසුඒ සම්බන්ධයෙන් නීති පියවර ගැනීමට පොලිස් දෙපාර්තමේන්තුවට නීතිමය බලයක් නොමැති බැවින් එම රියැදුරුවරයා මහනුවර ජාතික රෝහලට ඉදිරිපත් කොට වාර්තාවක් ලබාගන්නා ලෙස දුම්රිය ආරක්ෂක අංශ නිලධාරීන්ට මහනුවර මූලස්ථාන පොලිසිය උපදෙස් ලබා දුන් බව ඉහළ පොලිස් නිලධාරියකු පැවසීය .
ඒ අනුව එම රියදුරුවරයා මහනුවර ජාතික රෝහලට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වෛද්‍ය වාර්තා ලබා ගැනීමෙන් පසු දුම්රිය දෙපාර්තමේන්තු නීති පද්ධතිය තුළ ඇති නීති ප්‍රතිපාදන අනුව ඉදිරි පියවර ගැනීමට නියමිතය .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
