ශ්රී ලංකා නාවික හමුදාව මීගමුව, දූව ප්රදේශයේ ඊයේ (08දා) අළුයම සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්රෑම් 2448 කට අධික තොගයක් සමඟ ලොරි රථ දෙකක් , ඩිංගි යාත්රාවක් සහ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව, බටහිර නාවික විධානයට අයත් ශ්රී ලංකා නාවික නෞකා පරාක්රම ආයතනය මඟින් මීගමුව, දූව ප්රදේශයේ ඊයේ (08දා) අළුයම සිදුකරන ලද මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම ප්රදේශයේ සැකකටයුතු ලෙස නවතා තිබූ ලොරි රථ 02 ක් නීරික්ෂණය කර පරීක්ෂාවට ලක්කරන ලදී. එහිදී, එම ලොරි රථ තුල පාර්සල් හතලිස් අටකඅසුරා ප්රවාහනය කිරීමට සූදානම් කර තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ 1580 ග්රෑම් 940 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගන්නා ලදී.
අනතුරුව, මීගමුව, දූව කළපු ප්රදේශයේ සිදුකළ වැඩිදුර පරික්ෂාවේදී එම කළපු ප්රදේශයේ ඩිංගි යාත්රාවක සඟවා තිබූ පාර්සල් 26 ක අසුරන ලද තවත් බීඩි කොළ කිලෝ 867 ග්රෑම් 200 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනිමට කටයුතු කෙරිණි.
නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 28 ක් සහ 41 ක් වන මීගමුව ප්රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරුවන්, ලොරි රථ 02, ඩිංගි යාත්රාව සහ බීඩි කොළ කිලෝ 2448 ග්රෑම් 140 ක පමණ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

