ශ්රී ලංකා නාවික හමුදාව ඊයේ (16දා) රාත්රියේදී සිලාවතුර කොන්ඩච්චිකුඩා වෙරළ ප්රදේශයේ සිදුකළ විශේෂ පා මුර සංචාරයකදී නීතී විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි නිශ්පාදනයට යොදා ගන්නා කොළ (Kendu Leaves) කිලෝග්රෑම් 490 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
වයඹ නාවික විධානයට අයත් ශ්රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනය මඟින් ඊයේ (16දා) රාත්රියේදී කොන්ඩච්චිකුඩා වෙරළ ප්රදේශයේ සිදුකළ විශේෂ පා මුර සංචාරයකදී එම වෙරළ තීරයට වෙත ලඟාවූ සැකකටයුතු ඩිංගි යාත්රාවක් පරීක්ෂාවට ලක් කරන ලදි. එහිදී එම යාත්රාව තුල තිබූ නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන ඒමට උත්සාහ කළ ගෝනි උර 16 ක අසුරන ලද බීඩි නිශ්පාදනයට යොදා ගන්නා කොළ (Kendu Leaves) කිලෝග්රෑම් 490 ක පමණ තොගයක් සහ සැකකරුවන් දෙදෙනෙක් එම ඩිංගි යාත්රාව සමඟ නාවික හමුදා භාරයට ගන්නා ලදි.
නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 29 සහ 42 යන වයස්වල පසුවන මන්නාරම පේසාලේ ප්රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන්, බීඩි කොළ තොගය සහ ඩිංගි යාත්රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
