පූඩළුඔය හැරෝවත්ත උඩකොටසේ පදිංචි පුද්ගලයෙකු තම දරු දෙදෙනාගේ ආහාරවලට වස දමා ඒවා කෑමට දී ඔහුද වස පානය කර අසාධ්‍ය තත්ත්වයෙන් ගම්පොල රෝහලට ඇතුළත් කර තිබේ. අවුරුදු 11 හා 8 යන වයස්වල පසුවන දරු දෙදෙනාට මෙසේ වස දී තිබේ.
තම බිරිඳ තමාට නොදන්වා රැකියාවක් සඳහා කොළඹට පැමිණිම හේතුවෙන් සිත් තැවුලට පත් සැකකරු මෙසේ දරුවන්ටද වස දී තමන්ද වස පානය කර තිබේ.
සිදුවීම පසුගිය (17) පස්වරුවේ සිදුව තිබේ. සැකකරු සහ ඔහුගේ දරු දෙදෙනා තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු වේ. පූඩළුඔය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.