බිරිඳට පෙට්‍රල් දමා ඝාතනය කර සැඟවී සිටි සැමියා මාලිත්තාව කඳු වැටියේදී අත්අඩංගුවට
මැදගම ගොඩිගමුව මුස්ලිම් ගම්මානයේදී ජූනි හය වෙනිදා බිරිඳ නිදාසිටි ඇඳට පෙට්‍රල් වත්කර ගිනි තබා ඝාතනය කර ප්‍රදේශයේ පළාගොස් සැඟවී සිටි සැමියා මාලිත්තාව කඳුවැටියේදී (18) වෙනිදා මැදගම පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි කුකුළ් මස් වෙළෙඳසැලක් පවත්වාගෙන යන සුළු ව්‍යාපාරිකයෙකි.සැකකරු අත්අඩංගුවට ගන්නා විට ඔහුගේ පාද දෙකටද පිළිස්සීමෙන් බරපතළ තුවාල සිදුවී තිබූ බව මැදගම පොලීසිය පවසයි.
එබැවින් සැකකරු පොලිස් ආරක්ෂාව මධ්‍යයේ බිබිල මූලික රෝහලට ඇතුළත් කර ඇත.දෙදෙනා අතර ඇතිවූ ආරාවුලක් දුර දිග යාමෙන් මෙම ඝාතනය සිදුවී ඇති අතර මෙලෙස මියගොස් තිබුණේ සැකකරුගේ බිරිඳවූ සිව් දරු මවක් වන රිනොෂා උම්මා (40) නැමති කාන්තාවකි.
මැදගම,ගොඩිගමුව,මලිත්තාව ප්‍රදේශයේ කන්දක සැකකරු සැඟව සිටින බවට පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.මැදගම පොලිස් ස්ථානාධිපති ප්‍රභාත් දිසානායක මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් වැටලීම සිදුකර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

