හොරණ පොලිස් වසමේ අරඹකන්ද ප්රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවට හොරණ පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු වයස අවුරුදු 49 ක් වූ අරඹකන්ද, හොරණ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු සහ බිරිඳ අතර නිවසේ දී ඇතිවූ ආරවුලක් අතරතුර බිරිඳ විසින් තියුණු ආයුධයකින් පහරදී අද අලුයම මෙම ඝාතනය සිදුකර ඇති බවට සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මෘත ශරීරය මහේස්ත්රාත් පරීක්ෂණය සඳහා සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර හොරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.