බියවැද්දිම් හා තර්ජන මත තීන්දු ගන්නේ නෑ
කිසිදු වෘත්තියෙකුගේ බියවැද්දිම් හා තර්ජන මත තීන්දු තීරණ නොගන්නා බවත්, රට තුළ රැදී සිටිමින් සේවා සපයන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් උපරිම පහසුකම් සපයන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.
මෙරට ජනතාවට ගුණාත්මක සහ ප්රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමූණ පෙරදැරිව සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ශක්තිමත් කිරීම උදෙසා රජය ගෙනයන වැඩපිළිවෙලට අනූව රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර තනතුර සඳහා 213 දෙනෙකුට පත්වීම් ලිපි ප්රදානය කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගන්නා ලදි.
එම පත්වීම් ප්රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ (27) කොළඹ පදනම් ආයතනයේ දී සිදු කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දෙන ලද්දේ අද දිනයේ රාජ්‍ය සේවයට එක්වන මෙම පිරිස ජිවිතයේ තවත් එක් කඩයිමකට පා තබන බවත්, මෙම නව පත්වීම්ලාභීන් රාජ්‍ය සේවය මෙන්ම සෞඛ්‍ය සේවාවට සාදරයෙන් පිළිගන්නා බවයි.
ලක්ෂ එකහමාරක් පමණ වන සෞඛ්‍ය සේවකයින් අතර වැදගත් වූ සේවාවකට එක් වන මෙම නව පත්වීම්ලාභීන් 213 දෙනාගෙන් වසර 30 ක් වැනි කාලයක් තුළ මෙරට රාජ්‍ය සේවාවේ සහ සෞඛ්‍ය සේවාවේ උන්නතිය උදෙසා වගකීමෙන් යුතුව ජනතාව බලාපොරොත්තු වන උසස් සේවාව බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා පැවසීය.
රාජ්‍ය සේවය සඳහා ඇතුළු වන විටම මෙහි වගකීම සහ භාරධූරභාවය පිළිබඳව දැනුවත් විය යුතු බව ද අවධාරණය කළ අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා සෘජුවම ජනතාවට ලබාදෙන කණ්ඩායමට පහසුකම් ලබාදෙන කණ්ඩායමක් ලෙස පත්වීම්ලාභීන්ට පැවැරෙන වගකීම දැවැන්ත බවත්, පත්වීම ලබාගත් දින සිටම වෙනස් ස්ථානයකට ස්ථානමාරුවීම් ගැන නොසිතා කටයුතු කළ යුතු බවද පෙන්වා දෙන ලදි. සෞඛ්‍ය සේවාවේ වෛද්‍යවරුන්ගේ සිට සියළු අංශවල ස්ථානමාරු ක්‍රමවේද ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බව ද අවධාරණය කළ අමාත්‍යවරයා දේශපාලන අධිකාරිය, ආණ්ඩු, අමාත්‍යවරු විටින් විට වෙනස් වුව ද රාජ්‍ය සේවා ස්ථාවරව පැවැතීමෙන් වැඩි වේගයකින් රට පවතින තත්ත්වයට වඩා හොඳ තැනකට ගෙන ආ හැකි බවද පැවසීය.
රජය රාජ්‍ය සේවකයින් පිළිබඳ විශ්වාසය තබන බවත්, රජය ලෙස ලබාදිය හැකි උපරිම පහසුකම් එම ලබාදෙන බවත්, ලංකාවේ රැදී සිටිමින් රාජකාරි සිදු කරයි යන බලාපොරොත්තුවෙන් මෙම සියළු කටයුතු සිදු කරන බවද පෙන්වා දෙන ලදි. වෙනත් රටවල වැඩි වැටුප් ලබාදෙන බව පෙන්වමින් සහ රට හැර යන බව පවසමින් වැටුප් වැඩිකර දෙන ලෙස කරන තර්ජන සහ ඉල්ලීම් වලට යට නොවන බවත්, එවැනි පිරිස් වලට මොනවා ලබාදුන්නත් රට හැර යන බව ස්ථිර බව ද පැවැසු අමාත්‍යවරයා රට තුළ සිට දුෂ්කරතා දරාගනිමින් රට වෙනුවෙන් වැඩකරන පිරිසට ලබාදිය හැකි උපරිම පහසුකම් ලබාදෙන බව ද පැවැසීය.
පසුගිය වසරක කාලය තුළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත 10,000 ක පමණ පිරිසක් බඳවා ගැනීමට අනුමැතිය ලබාගත් බවත්, ඉන් 8,000 ක් පමණ බඳවා ගැනීමට කටයුතු සිදු කළ බව ද පැවැසූ අමාත්‍යවරයා සෞඛ්‍ය සේවාවේ බොහෝ පත්වීම් වසර 05 ක් 06 ක් යන තෙක් නතරව සහ ප්රමාධව තිබුන බවද පෙන්වා දෙන ලදි. සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය වසරේ හෙද සේවාව සඳහා ඉතිහාසය තුළ වැඩිම ප්‍රමාණයක් ලෙස 4141 ක් බඳවා ගැනීමට කටයුතු කළ බව ද ඉදිරියටත් බඳවා ගැනිම් සිදු කරන බව ද පැවැසීය.
වත්මන් රජය අනාගතය පිළිබඳව දැක්මකින් තොරව විශාල කණ්ඩායම් ලෙස රාජ්‍ය සේවාවට බඳවා ගැනීම් සිදු නොකරන බවත්, රාජ්‍ය සේවාවේ අවශ්‍යතාව සළකා නිසි සැළසුමකට හා අවශ්‍යතාවයට අනුව රටේ පවතින මූල්‍ය තත්ත්වයන් පිළිබඳව ද අවධානය යොමු කරමින් ඒ සඳහා වන කමිටුවේ අනුමැතිය යටතේ පත්විම් ලබාදීමට පියවර ගන්නා බව ද පැවැසිය. එම ක්‍රියාවළියට අනුව පසුගිය සතිය වන විට රාජ්‍ය සේවාව සඳහා ලක්ෂයක පිරිසක් බඳවා ගැනීමට අනුමැතිය ලබාදිමට හැකි වූ බව ද ඒ යටතේ ගුරු සේවයට අළුතින් 23,000 ක් බඳවා ගන්නා බව ද පැවැසීය.
රට ඉදිරියට ගෙනයාමට සැලසුම් සහ වගකිම් අවශ්‍ය බවත්, ඒ අනුව රජය කටයුතු කරන බවත් එම වගකිම් සහගත තත්ත්වයට සියළු අංශ ගෙන ඒ්ම රජයේ බලාපොරොත්තුව බව ද අවධාරණය කරන ලදි. පසුගිය වසරේ මෙරට ආර්ථිකයේ යම් යම් ජයග්‍රහණ මෙන්ම සුබවාදී දේ ලබාගත හැකි වූ බවත්, මෙම කටයුතු සිදු වන්නේ රාජ්‍ය සේවාව උපරීම ලෙස ලබාගෙන නොවන බව ද යම් මැදිහත්වීමක් සහ වෙනස්කමක් තුළ රාජ්‍ය සේවකයින්ගේ පැවැති යම් උනන්දුවක් ද ඊට හේතු වූ බව අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.
තමා වෙත ලැබෙන රාජකාරිය, ෆයිල් ප්‍රමාණය පිළිබඳ පමණක් සිතමින් වැඩ කිරීමෙන් ඵලක් නොමැති බවත්, රටේ සමස්ත ඉළක්ක පිළිබඳ සහ සෞඛ්‍ය සේවාවේ ඉදිරි දැක්ම පිළිබඳව ද අවධානය යොමු කරමින් කටයුතු කිරිම තුළ බලාපොරොත්තු වන ජයග්‍රහණ අත්පත් කරගත හැකි වනු ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාතක්ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කරන ලදි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

