බිම නිදා සිටි මාස හයක දරුවා සර්පයෙකුට බිලි
මඩකලපුව, කාත්තාන්කුඩි පොලිස් වසමේ ඔලික්කුලම් පට්ටිමාපුරය ප්රදේශයේදී අද (24) අළුයම පොළඟෙකු දෂ්ඨ කිරීමෙන් මාස හයක් වයසැති බිළිඳෙකු ඉතා ඛේදජනක ලෙස මිය ජිවිතක්ෂයට පත්වේ.
ෆාතිමාපුරම් ප්රදේශයේ පිහිටි සිය නිවසේ හිස් බිමක නිදා සිටි මාස හයක බිළිඳා ස්ථාන කිහිපයකදී සර්පයකු දෂ්ට කිරීමෙන් පසු මියගොස් ඇති බව හදිසි මරණ පරීක්ෂකවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.
අද අලුයම තුනයි තිහට සිය මව අසල නිදා සිටි තම දරුවාට සර්පයෙකු දෂ්ඨ කර තිබෙනවා. නමුත් උදෑසන 7 වන විට සිහිසුන්ව සිටි දරුවා මව ආරයම්පති රෝහලට ඇතුළත් කළ ද එහිදී දරුවා මියගොස් මඩකලපුව ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දරුවා ඥාතීන්ට භාරදී තිබෙනවා.
මාස 6ක් වයසැති ඉග්නේෂ් අභිලාෂ් නමැති පිරිමි දරුවකු මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගියේය. එම සර්පයා නිවස අසල කැලෑවෙන් නිවසට ඇතුළු වී දරුවා දෂ්ඨ කර් ඇති බවයි වාර්තා වන්නේ. කාත්තාන්කුඩි පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි
මඩකලපුව එල් ජව්ෆර්කාන්

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
