බිම තිබූ ගුවන් යානා 6කට වසරකට ඩොලර් ලක්ෂ 138ක් කල්බදු ලෙස ගෙවලා
ශ්‍රි ලන්කන් ගුවන් සමාගමේ ගුවන් යානා හයක් 2024/2025 මුල්‍ය වර්ෂයේ දි ක්‍රියාත්මක නොවි පැවති අතර එම කාලසිමාව තුල ඒ සදහා ඇමරිකානු ඩොලර් එක්කෝටි තිස්අටලක්ෂ,දහඅටදහස් තුන්සිය අනුහයක මුදලක් (13,818,396 )ක මුදලක් කල්බදු වාරික ගෙවිම් සදහා වැයකොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
2024/2025 මුල්‍ය වර්ෂය තුළ මාස එකේ සිට මාස 12 දක්වා කාලයක් මෙම ගුවන් යානා හය ක්‍රියාත්මක නොවි පැවති බවද විගණන වාර්තාවේ සදහන් වේ. එමෙන්ම මෙම කාලය තුලදි ගුවන් සමාගමේ නඩත්තු සහ අලුත්වැඩියා වියදම් සදහා රුපියල් මිලියන හතලිස්තුන්දහස්,හත්සියඅසුතුනක (43,783) මුදලක් වැයකොට තිබුණි. පෙර වර්ෂයට සාපේක්ෂව එය සියයට අටක වැඩිවිමකි.
ශ්‍රිලන්කන් ගුවන් සේවයේ අවශ්‍යතා තක්සේරුවට අනුව දැනට ගුවන් යානා 22ක ඇණියක් සමග ක්‍රියාත්මක වේ. ක්‍රියාත්මක තත්ත්වයේ නොමැති ගුවන් යානා 6න් ගුවන් යානා 04ක් NEO ගුවන් යානා වන අතර එම ගුවන් යානා සේවය ලබාගත හැකි එන්ජින් නොමැතිකම හේතුවෙන් ගොඩබස්වා ඇති බව ගුවන් සමාගමේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන්කොට ඇත. ඉන් යානා 03ක් සේවය ලබාගත හැකි තත්ත්වයට පත්කොට ඇති බවද ගුවන් සමාගමේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

