බිම් සවියෙන් ඉඩම් මැන ඉවර කරන්න තවත් වසර 87ක් යනවා
බිම්සවිය වැඩසටහන යටතේ මිලියන 12ක බිම් කැබලි ප්රමාණයේ මැනුම් කටයුතු අවසන් කිරිම සදහා තවත් වසර 87ක කාලයක් ගතවන බැව් අනාවරණය වි ඇත.
බිම්සවිය වැඩසටහන ක්රියාත්මක වි 2025 වර්ෂය අවසන් වනවිට වසර 19ක කාලයක් ගතවි ඇති අතර එම කාලය තුල බිම් කැබලි මිලියන 02ක පමණ මැනුම් කටයුතු අවසන්කර තිබුණි. මෙකි වැඩසටහනේ කාර්යසාධනය අනුව මිලියන 12 බිම් කැබලි ප්රමාණයේ මැනුම් කටයුතු අවසන් කිරිම සදහා තවත් වසර 87ක් ගතවන බව අනාවරණය වි ඇත.ඒ අනුව මෙම වැඩසටහන යටතේ මිලියන 12ක් වු බිම් කැබලි වල මැනුම් කටයුතු අවසන් කිරිමට හැකිවන්නේ වසර 2112 දිය.
රටේ පැවති ඉඩම් ගැටළු සදහා විසදුම් ලබාදිමට යහපත් ඉඩම් කළමණාකරණයක් අරමුණු කරගෙන බිම්සවිය වැඩසටහන 2007 වර්ෂයේ දි ආරම්භ කරණු ලැබිය. මෙම වැඩසටහන 2021 වර්ෂයේ දි අවසන් කිරිමට සැලසුම්කොට තිබුණි. මෙම වැඩසටහන සදහා 2007 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා රුපියල් මිලියන 5,532ක ප්රතිපාදන වෙන්කොට තිබු අතර ඉන් රුපියල් මිලියන 4,450ක මුදලක් වැයකොට තිබුණි. ශ්රිලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව සම්බන්දයෙන් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති කාර්යසාධන වාර්තාවට ඇතුළත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

