බිම්ස්ටෙක් සමුළුවේ මහ ලේකම් ටෙන්සින් ලෙක්පෙල් මහතා ශ්රී ලංකාවේ පැවැත්වෙන මෙම සමුළුවට සහභාගී වීම සදහා අද (26දා) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
ඔහු සමග දූත පිරිස ලෙස තවත් 10 දෙනෙකු ද පැමිණ සිටියහ. මෙම සමුළුව මාර්තු මස 28 , 29 සහ 30 යන දින වල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවැත්වීමට නියමිතය .
මහ ලේකම්වරයා ඇතුළු දූත පිරිස පස්වරු 01.50 ට බංග්ලාදේශයේ ඩකා නුවර සිට ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 200 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
