ලෝක පරිසර දිනයට සමගාමිව බුද්ධදාස රජුගේ ඔසු උයන නමින් හදුන්වන බිබිල නිල්ගල ඹෟෂධීය වනාන්තරය 02 දින සිට රක්ෂිත වනාන්තරයක් ලෙස ගැසට් කිරීමට අත්සන් කළ බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පැවසීය.
බිබිල රතුගල ගම්මානයේ තිබෙන ආදිවාසී සංස්කෘතික කේන්ද්‍රයේදී හෙක්ටයාර් 40485කින් සමන්විත නිල්ගල වනාන්තරය රක්ෂිතයක් බවට පත්කිරීමට අත්සන්තැබීම පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා සහ වන සංරක්ෂණ අධ්යාක්ෂ ජනරාල් නිශාන්ත එදිරිසිංහ මහතා අතින් සිදුවිය.
ඌව පළාතට පමණක් ආවේණික වනාන්තරයක් වන නිල්ගල අරලු, බුඵ,නෙල්ලි,ගමිමාලු මෙහි ප්රමුඛ ශාක ප්‍රජාව වෙි.තෘණ ශාකයන්ගෙන් වැසි පවතින මෙහි හීන් පැගිරි,ඇත්තුත්තිරි, මහපිනිබරැ තණ,පිණිබරැ තණ වැනි තෘණ ශාක මෙන්ම ඇත්අඩි,විශ්ණුක්‍රාන්ති වැනි ශාකද සුලභව පවතින අතර පසුගිය කාලයේ නිතර පරිසර හානියට හා ජාවාරම් කරුවන්ගේ ග්රහනයට ලක්වු ඌවේ එකම වනන්තරයට බවට නිල්ගල පත්ව තිබිණ.
මෙම වනයේ අලි,වලසුන්,මුවන්,ගෝනුන්,හාවුන්,ඉත්තෑවන්,මීමින්නන්,ඇතුළු කෘමින් උරගයින් විශාල වශයෙන් ග්‍රහන වනාන්තරයකි,
මෙම අවස්ථාවට වෙළෙද නියෝජ්‍ය ඇමති ජයවර්ධන අත්තනායක මහතා සහ රතුගල ආදිවාසි නායක සුදා වන්නියා ඇතුළු පිරිසක් සහභාගි විය.
