අකුරැස්ස නිල් මැණික්ගම නිවසක් ඉදිකිරීම සඳහා පැරණි නිවස කඩා ඉවත් කිරීමේදී එම නිවසේ බිත්තියකට යට වී දරුවෙක් ජීවිතක්ෂයට පත්වී අනිත් දරුවා බරපතළ තුවාල ලබා ඇත.
බිත්තියට යටවී මරණයට පත් වූ 8 හැවිරිදි ඩී. එස් .තරිඳු දිල්ශාන් ගේ දේහය මේ වන විට අකුරැස්ස රෝහලේ මෘත ශරීරාගාරයේ වැඩිදුර පරීක්ෂණ සඳහා තබා ඇත.
වයස අවුරුදු 04 හැවිරිදි අනිත් දරුවා බරපතළ තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි .
දරුවන් හය දෙනකුගෙන් සමන්විත මෙම පවුල් සඳහා නව නිවසක් ඉදිකිරීමට විදේශීය රටක කාන්තාවක් මුදල් ආධාර ලබා දීමට කටයුතු කර ඇත .
අකුරැස්ස පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි .
අකුරැස්ස . එන්. කේ. ඉන්ද්‍රවංශ

