බිත්තර වී වගා කරන ලද කුඹුරු සඳහා අවශ්‍ය රසායනික පොහොර නිකුත් කළ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෘෂිකර්ම වන වනජීවී සහ වන සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබේ.
පළාත් නවයේ හෙක්ටයාර් 6,774.3ක් මෙවර යල කන්නයේ බීජ වී වපුරා ඇත.
එම කුඹුරුවලට අවශ්‍ය යූරියා මෙට්‍රික් ටොන් 1524ක්, TSP ( Tipple Super Phosphate ) පොහොර මෙට්‍රික් ටොන් 372.6ක් සහ MOP ( Murate OF Potash ) මෙට්‍රික් ටොන් 406.5ක් මේ වනවිට නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අමාත්‍යවරයාට දැනුම් දී ඇත.