අනුරාධපුර පොදු වෙළඳපල අසල වෙළෙඳසැලකට බිත්තර වැඩි මිලට තොග වශයෙන් නිකුත් කළ ව්‍යාපාරිකයකු සහ එම බිත්තර පාලන මිලට වැඩියෙන් අලෙවි කළ සිල්ලර වෙළෙන්දකු සතුව තිබූ බිත්තර 1000කට අධික ප්‍රමාණයක් තම භාරයට ගත් බව අනුරාධපුර පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
පාලන මිලට වැඩියෙන් බිත්තර තොග වෙළඳපොළට නිකුත් කිරීම සහ පාලන මිල ඉක්මවා සිල්ලරට විකිණීම යන චෝදනා සම්බන්ධයෙන් මෙම වෙළඳුන් දෙදෙනාට එරෙහිව අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
අනුරාධපුර පාරිභෝගික සේවා අධිකාරියේ ජේෂ්ඨ විමර්ශන නිලධාරී බී.ඒ.සී. පී පෙරේරා මහතාට ලැබුණු තොරතුරකට අනුව, වැඩි මිලට බිත්තර තොග නිකුත් කරන අවස්ථාවේදී එම තොග වෙළඳාමේ නිරත පුද්ගලයා තම භාරයට ගත් බවත් එම අවස්ථාවේදී ඔහු සතුව නීත්‍යානුකූල බිල්පතක් නොතිබූ බවද පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
වෙළදාම් සිදු කිරීමේදී නීත්‍යානුකූල බිල් පතක් තිබිය යුතු ඇයි පාරිභෝගික නිලධාරීන් පැවසූ අවස්ථාවේදී සැකකාර වෙළඳුන් දෙදෙනා සහ අවට සිටි පිරිස් පාරිභෝගික නිලධාරීන්ගේ රාජකාරියට බාධා වන අයුරින්ද කටයුතු කළහ.
