බිත්තර අලෙවිය සදහා පාලන මිලක් නියම කරමින් නිකුත් කරනු ලැබූ ගැසට්ටුව කිසිදු හේතුවක් නිසා ආපසු හරවා නොගන්නා බව වෙළඳ හා ආහාර සුරක්ෂතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා 04 දින මාධ්‍ය හමුවක් කැදවමින් පැවැසීය.
ජා-ඇල දඩුගම පිහිටි අමාත්‍ය නලීන් රුවන්ජීව ප්‍රනාන්දු මහතාගේ කාර්යාලයේදී පැවති එම මාධ්‍ය හමුවේදී අමාත්‍ය වරයා ප්‍රකාශ කර සිටියේ බිත්තර නිශ්පාදකයින් සමග පැවති සාකච්ඡාවට කිහිපයකින් පසු ව ඒ අය ලබා දුන් ලිඛිත ලියවිල්ලක් අනුව බිත්තර සදහා පාලන මිලක් නියම කල බවයි.
්රුපියල් 65 ක් වැනි ඉහළ මිලකට අලෙවි වු බිත්තරයක මිල අද වනවිට රුපියල් 50 ට අඩුවෙන් පාරිභොගිකයාට ලබා දීමට හැකියාව ඇති වී තිබෙන බවද පැවසූ අමාත්‍යවරයා ඉතා අසාධාරණ ලෙස ඉහළ මිලකට බිත්තර අලෙවි කල අය සදහා පාරිභෝගික අධිකාරිය විසින් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද වැඩි දුරටත් පැවැසීය.
බිත්තර නිෂ්පාදකයන් සමග සෑම විටම සාකච්ඡා කිරීමට තමන් කටයුතු කළ බවද නලීන් ප්‍රනාන්දු මහතා මෙහිදී පැවැසුවේය. ඉකුත් කාලයේ කුකුල්ලු නිශ්පාදකයින් සත්ව ආහාර සදහා භාවිතා කර තිබුණේ මිනිස් පාරිභෝජනය සදහා වු සහල් නමුත් මින් ඉදිරියට ඒ සදහා සත්ව ආහාර සදහා බඩ ඉරිඟු අවශ්‍ය ලෙස ලබා දීමට පියවර ගන්නා බවත් වෙළඳ හා පාරිභෝගික අමාත්‍ය වරයා මෙහිදී මෙහිදී පැවසීය.