බිත්තර ගොවියන් රැක ගැනීමේ අරමුණින් තාවකාලිකව බිත්තරයක් උපරිම වශයෙන් රුපියල් 55කට විකිණීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පත් කර තිබෙන ආහාර කමිටුවේදී තීරණය කළ බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා අද (09දා) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
කෙසේ වෙතත් මේ පිළිබඳ වැටලීම් සිදු නොකරන ලෙස සඳහන් කර තිබියදී පාරිභෝගින අධිකාරිය වැටලීම් සිදු කර ලක්ෂයක දඩයක් ගැසීම සිදු කරන බවත්, මෙම බිත්තර කර්මාන්තය කඩා වැටුනහොත් මෙම සියලු පුද්ගලයන් ඊට වගකිව යුතු බවත් වීරසේකර මහතා පැවසීය.