කෙටි ආහාරයක් ලෙස බොහෝ පිරිසකගේ රුචිකත්වය ඇති බිත්තර ආප්ප මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බව පාරිභෝගික ජනකාව පවසති.
ජා-ඇල හා තදාසන්න ප්‍රදේශ වල මීට ටික කලකට ඉහතදී රුපියල් 50 ත් 60ත් අතර මිලකට අලෙවි වු බිත්තර ආප්පයක මිල මේවනවිට රුපියල් 120 ත් 130ත් අතර මිලකට සාමාන්‍ය ආපනශාලා වල අලෙවි කරනු ලබන බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.
බිත්තර ආප්ප මිල ඉහළ යාම සම්බන්ධයෙන් ආපන ශාලා හිමියන් කිහිප දෙනකුගෙන් විමසා සිටියදී ඔවුන් පැවසුවේ බිත්තරයක මිල අද වනවිට රුපියල් 60ත් 6 5ත් අතර මිලකට අලෙවි වීමත් ගෑස් මිල අධික ලෙස ඉහළ යාමත් නිසා තමන්ට ද බිත්තර ආප්පයක මිළ ඉහළ දැමීමට සිදුව තිබෙන බවයි. බිත්තර ආප්ප මිළ ඉහළ යාමත් සමග කෙටි ආහාරයක් ලෙස ජනප්‍රියව තිබූ බිත්තර ආප්ප පාරිභෝජනයද බොහෝ සෙයින් පහළ බැස ඇති බවද ආපනශාලා හිමියන් පවසති.
ජා-ඇල ප්‍රසංග පෙරේරා