නිට්ටඹුව පොලිස් වසමේ දංගොල්ලවත්ත ප්රදේශයේදී ඊයේ සවස පහරදීමක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු වතුපිටිවල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට නිට්ටඹුව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු වයස අවුරුදු 70 ක් වූ ඉහළ දංගොල්ලවත්ත ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු හා දියණියගේ සැමියා අතර ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
අපරාධයෙන් පසු ප්රදේශයෙන් පලාගොස් සිටින වයස අවුරුදු 26 ක් වන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නිට්ටඹුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.