බැසිල්ව අයින් කරයිද ?
මෙරට පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් රජයට රටපුරා මතුව ඇති මහජන විරෝධය හමුවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව ඔහු දරමින් සිටින මුදල් ඇමතිධූරයෙන් ඉවත් කිරීමට බොහෝ පාර්ශවයන් රජයයට ඉල්ලීම් කර ඇතැයි වාර්තා වෙයි.
ඊයේ (31) රජයට හිතවත් භික්ෂූන්වහන්සේලා පිරිසක් ද ජනාධිපතිවරයාට දැඩි ඉල්ලීමක් සිදුකරමින් සඳහන් කර ඇත්තේ මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කරන බැසිල් රාජපක්ෂව සිය ධූරයෙන් ඉවත් කරන ලෙස බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
එමෙන්ම දිනෙන් දින වර්ධනය වන ජනතා විරෝධය හමුවේ මෙන්ම ඊයේ රාත්‍රියේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති ආණ්ඩුවේ පසුපෙල මන්ත්‍රීවරුන් පිරිසක් යලිත් වතාවක් මුදල් ඇමතිවරයාව ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයිද සඳහන්.
popular news
-
Nandana Friday, 01 April 2022 08:07 AM
"Ugly American " must go to USA,.
Reply : 0 0
Deepal Nirosh Friday, 01 April 2022 09:26 AM
එක සිද්ධියකට පමණක් නොව සිද්ධි දාමයකට අගින් මුලින් සම්බන්ධ ආසන්න හේතුව ඉවත් කළොත් අනිකුත් සුළු සුළු හේතු ඉබේම පහවෙලා යාවි. මේ ගැන හිතලවත් අතිගරු ජනපතිතුමා තම ව්‍යවස්ථානුකූල බලතල මේ අවස්ථාවේ යෙදෙවුවොත් හරි මඟ ගැනීම කෙසේ වෙතත් වැරදි මඟ ඉදිරියට යාමවත් නවතාගන්න පුළුවන්. හැබැයි ආයෙමත් අර මොනවද බලකාවලට ගත්තොත් පෙර සේ තමා.
Reply : 0 0
සකල ගුරු Friday, 01 April 2022 02:09 PM
අයින් කරනවා නම් රජයේ කිසිම තනතුරක් අඩුම තරමින් කාකාස තනතුරක් වත් නොදිය යුතුය එසේ නොමැතිව අයින්කර වැඩක් නැහැ මේ මිනිහා එතරම් ආත්මාර්ථකාමිත්වයක් ඇති කෙනෙක්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

