හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (12දා) අලුයම ඩුබායි ඔස්සේ ඇමෙරිකාව බලා පිටත්ව යාමට පැමිණි අවස්ථාවේ, කටුනායක ගුවන් තොටුපළ තුළ සිටි ගුවන් මගීන්ගෙන් එල්ල වූ විරෝධතාවක් නිසා සිය ගුවන් ගමන අතහැර ආපසු ගොස් තිබේ.
මේ බව කටුනායක ගුවන් තොටුපළ රාජකාරී කළමනාකරු ද තහවුරු කළේය. අද අලුයම 03.15 ට ඩුබායි බලා පිටත්ව යාමට නියමිත එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 349 දරන ගුවන් යානයට පිවිසීම සදහා බැසිල් රාජපක්ෂ මහතා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
එහිදී " සේද මාවත " (Silk Route ) අසළ එමිරේට්ස් සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවා පරීක්ෂණ කවුළු අසළ රැදී සිටි ගුවන් මගීන්, බැසිල් රාජපක්ෂ මහතා ගුවන් තොටුපළෙන් බැහැර කරන ලෙස ඉල්ලමින් කෑ ගැසීමත් සමගම ඔහු ගුවන් තොටුපළෙන් ආපසු පිටත්ව ගොස් තිබේ.