පිටකොටුව බැස්ටියන් මාවතේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් යොදා ගත් යතුරු පැදිය ලබාදුන් සහ සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
සැකකරුවන් සමග හෙරයින් මත්කුඩු ගෑම් 6, මිලිගෑම් 120 ක් භාරයට ගෙන ඇත.
ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී යතුරුපැදිය සම්බන්ධයෙන් ලද තොරතුරක් අනුව පිලියන්දල මකුළුදූවේ දී එම යතුරු පැදිය සහ එය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිදු කළ වැඩිදුර විමර්ශන යතුරුපැදිය ලබාදුන් පුද්ගලයා මට්ටක්කුලිය සමිත් පුර ප්රදේශයේ දී මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මට්ටක්කුලියේදි අත්අඩංගුවට ගත් සැකකරු ඩුබායි සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සමඟ සම්බන්ධතා පවත්වන බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ම වයස අවුරුදු 32 , 37 අතර පසුවන මට්ටක්කුලිය හා හෝමාගම පදිංචිකරුවන් වේ.
සැකකරුවන් අලූත්කඩේ මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.