ගව ගාලක ගැට ගසා සිටි ගවයින් දෙදෙනෙකු කිසියම් පිරිසක් විසින් අද (15දා) අළුයම සොරාගෙන ගොස් ගව ගාලට නුදුරින් වූ වන ලැහැබක් තුලදී මරා මස්කර ඇති බවට මීගහකිවුල 17 කණුව ප්රදේශයේ පුද්ගලයෙකු විසින් පැමිණිලි කර ඇතැයි කන්දකැටිය පොලීසිය පවසයි.
කෝමාරීක ඇල මාර්ගයේ පැති බැම්මට නුදුරින් වූ ගව ගාලේ බැද සිටි මෙම ගවයින් දෙදෙනා සොරා ගත් පුද්ගලයින් එම ස්ථානයට මීටර් සියයක් පමණ නුදුරින් පිහිටි වන ලැහැබක් තුලට රැගෙන ගොස් මරා මස්කර ඇති ඇති අතර ගවයින් දෙදෙනාගේ ශරීර කොටස් එම ස්ථානයේ තිබී පොලීසියට හමුවී ඇත.
මරණ ලද ගවයින් දෙදෙනා මරා මස් කිරීමෙන් පසුව ඒවා වාහනයක පටවාගෙන රැගෙන යන්නට ඇතැයිද පොලීසිය සැක කරයි.
මීට පෙර අවස්ථා කීපයකදීද මෙම ප්රදේශයේ ගවයින් කීප දෙනෙකුම මේ ආකාරයට සොරගෙන මස්කර ඇතත් එම පුද්ගලයින් නීතියේ රැහැනට හසුවී නැතැයිද 18 කණුව ගම්වාසීන් පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත් අඩංගුවට ගෙන නොමැත. කන්දකැටිය පොලීසය පරීක්ෂණ පවත්වයි.
මීගහකිවුල එන් කේ නිශ්ශංක

