බැටරි බලශක්ති ගබඩා පද්ධති හතක් කොළඹ වරායට
විදුලි බල ශක්තිය ස්ථාවර කරමින් පාරිභෝගිකයාට සහන සැලසීමට රජය ආරම්භ කළ බැටරි බලශක්ති ගබඩා පද්ධති ව්‍යාපෘතියේ තවත් පද්ධති හතක් ඊයේ (25) කොළඹ වරායට රැගෙන ආ බව වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසයි.
මෙම බලශක්ති ගබඩා පද්ධති හත පානදුර, බෙලිඅත්ත, හම්බන්තොට, අම්පාර, වව්නතිව්, වාලච්චෙනෙයි, මහියංගනය යන ප්‍රදේශ වල ඇති විදුලි බල සම්ප්‍රේෂණ උපපොලවල් සමීපව සවිකිරීමට නියමිත අතරමෙමගින් මෙගාවොට් 280ක ප්‍රමාණයක් විදුලි බල ශක්තිය ගබඩා කිරීමට හැකි වන අතර, දෛනිකව මෙගාවොට් 70 ක් ජාතික විදුලි බල ජාලයට ලබා දීමට සැලසුම් කර තිබේ.
ජාත්‍යන්තර තරඟකාරී ටෙන්ඩර් කැඳවීමෙන් තෝරාගත් වින්ඩ්ෆෝස් (Windforce Plc) පුද්ගලික සමාගම මෙම බලශක්ති පද්ධති සවිකිරීම් හත ස්ථාපිත කිරීම සිදු කරන අතර, තවත් ස්ථාන හයක ගබඩා පද්ධති සවි කරමින් තිබේ.
රජය ආරම්භ කළ මෙම ව්‍යාපෘතියේ ජූනි මස ආරම්භයේදී ගෙන එන ලද පද්ධති අටක් මේ වන විට තෝරාගත් උපපොලවල් සමීපව සවි කිරීමේ කටයුතු සිදු කරන අතර, ජූලි මස අගදී අවසන් කර එමඟින් මෙගා වොට් 80 ක විදුලි බල ශක්ති ප්‍රමාණයක් ජාතික විදුලි බල ජාලයට ලබා දීම සිදු වේ.
මෙම ගබඩා පද්ධති පාලනය හා කළමනාකරණය සිදු කිරීම බලශක්ති අමාත්‍යාංශයට අයත් NSO (National System Operator Ltd) සමාගමට පැවරෙන අතර, නඩත්තු කිරීමේ කාර්යය අදාළ සමාගම් මඟින් සිදු කෙරේ.
මෙම බලශක්ති ගබඩා පද්ධති ව්‍යාපෘති මඟින්, පාරිසරික හානිය ද අවම කර ස්ථාවර බලශක්තියක් සපයා දීමෙන්, ජාතික විදුලි බල ජාලය ස්ථාවර කර ආර්ථිකය ශක්තිමත් කිරීම රජයේ අරමුණ වේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
