රැඳවුම් නියෝග මත බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන සිදු කරන සංවිධානාත්මක අපරාධකරුවෙක්වන නිර්මල ප්‍රසංග නොහොත් බැකෝ සමන් යන අයට අයත් අධි සුඛෝපභෝගී බස් රථ දෙකක් පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම බස් රථ දෙක ආඩි අම්බලම හා පිටකොටුව යන ප්‍ර දේශවලදී බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් සිය භාරයට ගෙන තිබේ.
සැකකරු විසින් මත්ද්‍රව්‍ය ජවාරමෙන් උපයාගත් මුදලින් මෙම බස් රථ මිලට ගෙන වෙනත් තැනැත්තන්ගේ නමින් ලියාපදිංචි කර තිබේ. එයින් එක් බස් රථයක් අධිවේගි මාර්ගයේ කොළඹ හා මොණරාගල මාර්ගය යටතේ ධාවනය කර ඇති අතර අනෙක් බස් එථය සංචාරක ව්‍යාපාර කටයුතු සඳහා යොදවා තිබී ඇත.
