රාජ්‍ය බැංකුවක එතෙර ගනුදෙනු සේවාවේ නියෝජ්‍ය කළමනාකාරිනිය ක ගේ ගල්කිස්ස ශාන්ත රීටා පාරේ නිවසට ඇතුළු වූ පුද්ගලයකු රුපියල් ලක්ෂ පහළොවකට ආසන්න වටිනා රන් භාණ්ඩ තොගයක් සොරාගෙන ගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි
සොරාගෙන ගොස් ඇති රන් භාණ්ඩ අතර රන්මාල පහක් සහ රන් වළලු දෙකක් තිබී ඇතැයි පොලිසිය කියයි
ඉකුත් අටවෙනි දින රාත්‍රී නියෝජ්‍ය කළමනාකාරිනිය ඇතුළු පවුලේ අය නින්දට ගොස් ඇති අතර පසුදින අලූයම එකට පමණ නිදා සිටි මාමගෙ කෑ ගැසීම ඇසි අවදි වීමත් සමගම ඇය සහ සැමියා සිටි කාමරයේ සිට හිස සහ මුහුණු ආවරණය කරගත් අළු පැහැති කමිසයක් හැඳ සිටි පුද්ගලයකු පලාගොස් තිබූ බව ඇය කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.
පසුව සිදුකළ පරීක්ෂාවේ දී ඇඳ අසල පුටුව මත තිබූ ගමන් බෑගය තුළ තිබූ කළමනාකාරිය ට අයත් රන් භාණ්ඩ සොරා ගෙන ඇති බව දැනගෙන තිබූ බව පොලිසිය කියයි
තවදුරටත් සිදුකළ පරීක්ෂාවේදී නිවසේ පසුපස දොර විවෘත කර තිබෙන අයුරු දැකගත හැකි වී තිබූ බව කළමනාකාරිය කරන ලද පැමිණිල්ලේ තවදුරටත් සඳහන් වේ.
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ උපදෙස් මත ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සි පෙරේරා ,අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අලහකෝන් මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි