බැංකු ගිණුම් නොමැතිව අස්වැසුම ප්රතිලාභීන් 43703කට ප්රතිලාභ නෑ
අස්වැසුම ප්රතිලාභින් 43,703 දෙනෙකුට බැංකු ගිණුම් නොමැතිකම හේතුවෙන් ඔවුන්ගේ හිමිකම් ප්රතිලාභ ඉකුත් වර්ෂයේ දි (2024) ලැබි නොතිබු බවට අනාවරණය වි ඇත.
මේ හේතුවෙන් සුදුසුකම්ලත් ප්රතිලාභින්ට ඔවුන්ගේ හිමිකම් ප්රතිලාභ ලබාගැනිමට හෝ අහිමිවිමට ඉඩ ඇති බව විගණනය මගින් අනාවරණය කොට ඇත. මෙම ගැටළුව විසදිම සදහා සුබසාධක ප්රතිලාභ මණ්ඩලය විසින් 2025 වර්ෂයේ ජුනි මස අවසන් වනවිටත් සුදුසු යාන්ත්රණයක් ස්ථාපිතකර ක්රියාත්මක කර නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
අස්වැසුම වැඩසටහනට අනුකුලවන පරිදි සුදුසුකම්ලත් පුද්ගලයන්ට ප්රතිලාභ සැලසිමට කටයුතු කළයුතු බවද විගණනය මගින් නිර්දේශකොට ඇත. බැංකු ගිණුම් විවෘත නොකල ප්රතිලාභින්ට ගිණුම් විවෘතකරවිම සදහා අවස්ථා කිහිපයකදිම පුද්ගලිකව දැනුවත්කරඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය විසින් විගණනයට සදහන්කොට ඇත. අයදුම්පත් ද්විකරණයවිම, ප්රතිලාභ ප්රතික්ෂේප කිරිම, ප්රතිලාභි පවුල් විදේශගතවිම වැනි විවිධ හේතුමත ගිණුම් විවෘත නොකරණ පිරිසක්ද මේ අතර සිටින බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය විසින් විගණනයට සදහන් කොට ඇත.
සුබසාධක ප්රතිලාභ මණ්ඩලය සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

