උසස් අධ්‍යාපන අංශය පිළිබඳ අනු කාරක සභාව විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමඟ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවට සම්බන්ධ කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීම සිදු විය.
මේ පිළිබඳ සාකච්ඡා කිරීම සිදු වූයේ මෙම අනු කාරක සභාව ගරු නියෝජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (23) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
මෙහිදී ආබාධ සහිත ළමුන් විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට අවශ්‍ය ප්‍රතිපත්තිය සකස් කිරීම පිළිබඳ අනු කාරක සභාවේ අවධානය යොමු වූ අතර මේ වන විටත් එම ප්‍රතිපත්තියේ කෙටුම්පත සකස් කොට අවසන් වී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පෙන්වා දෙන ලදී. මේ අනුව එම කෙටුම්පත විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ට ලබා දෙන බවද මෙහිදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීහු පැවසූහ.
එසේම ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබාගන්නා සිසුන් සඳහා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. තව ද බාහිර උපාධි ලබාගන්නා උපාධිධාරීන් රැකියා වෙළඳපොළ තුළ ස්ථානගතවීම සම්බන්ධයෙන්ද මෙහිදී කමිටුව විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සමඟ සාකච්ඡා කරන ලදී. විශේෂයෙන්ම බාහිර උපාධිවල ගුණාත්මක භාවය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව සාකච්ඡා කිරීම සිදු වූ අතර එවායේ තත්ත්වය ගුණාත්මක ආකාරයෙන් පවත්වාගෙන යාම වෙනුවෙන් අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට ද මෙහිදී සාකච්ඡා විය.
මීට අමතරව විශ්වවිද්‍යාලවල වර්තමාන අවශ්‍යතාව අනුව අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යමණ්ඩලය බඳවාගැනීම වෙනුවෙන් අවශ්‍ය ඉදිරි පියවර පිළිබඳවද මෙහිදී සාකච්ඡා කිරීම සිදු විය.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් මෙම අනු කාරක සභාව පිහිටුවනු ලැබූ අතර උසස් අධ්‍යාපන අංශය පිළිබඳ අවශ්‍ය කරුණු සොයාබලා වාර්තා කිරීම එමගින් සිදු කෙරේ.
මෙම අනු කාරක සභා රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය උපාලි පන්නිලගේ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රජීවන් ජෙයචන්ද්‍රමූර්ති, නිමල් පලිහේන සහ මංජුල සුගත් රත්නායක යන මහත්වරු සහභාගී වූහ.