නිදහස් අධ්‍යාපන නිදහස් විය යුතු බවත් එසේ නොවන්නේ නම් බාහිර උපාධි සඳහාද බදු අය කළ යුතු බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
ලෝකයේ අනෙක් රටවල් මෙන් ලංකාව තුළද මුදල් ලබා දිය යුත්තේ සිසුන්ට බවත් විශ්වවිද්‍යාලවලට නොවන බවත් ඔහු පැවැසීය.
“සාකච්ඡා පටන් ගත්තාම තමයි ප්‍රශ්න ඇති වන්නේ. ඒ නිසයි මම සාකච්ඡා ඕන නෑ කියන්නේ. ඔයගොල්ලෝ කියනවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් අල්ලාගෙන ඉන්නවා කියලා. අවුරුදු 35 මිනිහෙක් කොහොමද විශ්වවිද්‍යාල සිසුවෙක් වෙන්නේ.
අපි මේ ගැන කථා කරමු. මේ අය (ආණ්ඩු පක්ෂය) ඒකට සහාය දෙනවා. වියත්මගෙන් අහන්න ඕන ඒ ගැන. ලංකාවේ විශ්වවිද්‍යාල වල අපි එකඟවෙලා තියෙන සුදුසුකම් අනුව විශේෂයෙන්ම ශිෂ්‍යන් තෝරනවානම් හැම කෙනාටම දුප්පත් වුණත් පෝසත් වුණත් අපි දෙන්න ලෑස්තියි ණය ඉතා සහන දායක ක්‍රමයකටම.
සමහර අයට පවුලේ දුප්පත්කම නිසා ගෙවන්න බැරිනම් අපි කෙලින්ම ප්‍රදානයක් දෙන්නම්. අපි මුදල් දෙන්නේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නෙමෙයි විශ්වවිද්‍යාල වලට. අනෙක් හැම රටක්ම මුදල් දෙන්නේ දරුවන්ට.
රැකියා වෙළඳපොළට ගැලපෙන්නේ නැති පීඨ තිබෙනවා. මට කියන්න ගාස්තු අය නොකරන එක විශ්වවිද්‍යාලයක්. හැම කෙනාම බාහිර උපාධිවලට ගාස්තු ගන්නවා. වැඩිකල් යන්න ඉස්සෙල්ලා මේකටත් (අභ්‍යන්තර) අරගනියි.
නිදහස් අධ්‍යාපනය නම් බාහිර කළත් නිදහස් අභ්‍යන්තර කළත් නිදහස්. අපිට තිබෙන්නේ බාහිර උපාධිවලට බදු අයකරන්න. ඒ අය ව්‍යාපාරයක් කරනවනම් අපි බද්ධක් අය කරන්න ඕන. වැට් එක හරි දාන්න ඕන.
කවුද මේ පංති පවත්වන්නේ. මේ පංති පවත්වන සමහර අය විශ්වවිද්‍යාවල ඉන්න අය. මෙතන යනවා පුද්ගලික ක්‍රමවේදයක්. අපිට කරනවා මේක කරන්න එපා කියලා. අපි මේක නැවැත්විය යුතුයි. මේකට ලෑස්තිනම් අපි සාකච්ඡා කරමු”