බාල සනීපාරක්ෂක තුවා නිසා සුපිරි වෙළඳසැළකට හා නිෂ්පාදන සමාගමට නඩු
ප්රමිතියෙන් තොර ඉතාමත් බාල තත්ත්වයෙන් යුක්ත කාන්තා සනීපාරක්ෂක තුවා විකීණීම සිදු කල කැලණිය ප්රදේශයේ සුපිරි වෙළඳසැලකට හා එම කාන්තා සනීපාරක්ෂක තුවා නිශ්පාදනය කරන ජාඇල ප්රදේශයේ ප්රසිද්ධ සමාගමකට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කර ඇති බවත්, ඉදිරි දිනයකදී මහර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගම්පහ දිස්ත්රික් ප්රධානී උදය නාමල්ගම මහතා සඳහන් කරයි.
ගම්පහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලැබුනු පැමිණිල්ලක සදහන් වුයේ ප්රසිද්ධ වෙලද සන්නාමයක් යටතේ ඇති කාන්තා සනීපාරක්ෂක තුවා ඉතාමත් බාල තත්වයෙන් යුක්ත බවත් එම සනීපාරක්ෂක තුවා භාවිතයේදී අසාත්මිකතාවයන් ඇතිවන බවත්ය.
ඒ අනූව ගම්පහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අදාල සනීපාරක්ෂක තුවා විකිණීම සිදුකල සුපිරි වෙළදසැල වෙත ගොස් පරීක්ෂා කිරීමේදී අනාවරණය වූයේ අදාල සනීපාරක්ෂක තුවා එකම වෙළද නාමය යටතේ විවිධ වර්ගයෙන් ඇති බවත්, එක් වර්ගයක් සදහා පමනක් ශ්රී ලංකා ප්රමිති සහතිකයක් ලබාගෙන ඇති බවත්, අනෙක් වර්ග එවැනි සහතිකයක් ලබා නොගෙන පාරිභෝගිකයා නොමග යවමින් අලෙවි කරන බවත්ය.
ඒ අනුව අදාල සියලු වර්ගයන්ගේ සාම්පල ලබා ගෙන එම සාම්පලවල ප්රමිතිය සම්බන්ධයෙන් සිදුකල පරීක්ෂාවේදී අනාවරණය වූයේ අදාල ප්රමිති ලාංඡනය නොමැති සනීපාරක්ෂක තුවා නියමිත දිග, පලල නොමැතිව මෙන්ම කාන්දු වීම් සහිත ඉතා බාල තත්වයෙන් පවතින බව හා ප්රමිති ලාංඡනය සහිත වර්ගයන්ගේද අඩුපාඩු සහිත බවයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අදාල නිශ්පාදන සමාගම වෙත ගොස් ප්රකාශ ලබාගෙන ඇති අතර, පාරිභෝගිකයා නොමග යවන සුලු ලෙස ප්රමිති ලාංඡනය අවභාවිතා කරමින් ඉතාමත් බාල තත්ත්වයේ කාන්තා සනීපාරක්ෂක තුවා නිශ්පාදනය කල සමාගමට හා ඒවා විකිණීම සිදුකල සුපිරි වෙළඳ සැලට විරුද්ධව ඉදිරි දිනයකදී නඩු පැවරීමට පියවර ගෙන ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් සහ ගම්පහ දිස්ත්රික් ලේකම් ලලින්ද ගමගේ යන මහතුන්ගේ අධීක්ෂණය යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගම්පහ දිස්ත්රික් ප්රධානී උදය නාමල්ගම මහතාගේ මෙහෙයවීමෙන් එම කාර්යාලයේ විමර්ශන නිලධාරීන් වැටලීමට එක් වූහ.
ඉඹුල්ගොඩ - එම්.ඩී.එස්.ගුණතිලක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

