රටතුළ මහත් ආන්දෝලනයට ලක්ව තත්ත්වයෙන් අසමත්විම් නිසා භාවිතයෙන් ඉවත්කරණු ලැබු හියුමන් ඉමියුනොග්ලොබියුලින් (human immunoglobulin ) සහ rituximab යන ප්‍රතිදේහ ඖෂධ දෙක මිලදි ගැනිමට අදාළව රුපියල් දහඅටකෝටි තුන්ලක්ෂ හැටහයදහස් හයසිය අනුහතක් (180,366,697) වු පිරිවැය හා සියයට විසිපහක් වු පරිපාලන වියදම් අදාළ සැපයුම්කාර සමාගමෙන් අයකරගැනිමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කටයුතු කර නොතිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙම ඖෂධ දෙක තත්ත්වයෙන් අසමත්ව 2025 වර්ෂයේ අප්‍රේල් මස 10 දිනවනවිට වර්ෂ එකහමාරකට ආසන්න කාලයක් ගතවි තිබුණි. 2023 වර්ෂයේ ජනවාරි මස 13 වැනිදින සැපයුම්කරු වෙත නිකුත් කරණු ලැබු ගැණුම් ඇණවුමේ 9 ජේදය ප්‍රකාරව මේවනතෙක් අදාළ සැපයුම්කාර සමාගමෙන් අයවිය යුතු මෙම මුදල අයකරගැනිමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පියවරගෙන නොතිබුණි.
ඉහත සදහන් ඖෂධ දෙක මිලදි ගැනිමේ ක්‍රියාවලිය,බෙදාහැරිම සහ තත්ත්වයෙන් අසමත්විම හා ඖෂධය නිෂ්පාදනය කිරිමට රුධිර ප්ලස්මා ලබා ගැනිම පිළිබදව කරුණු ඇතුළත් විශේෂ විගණකාධිපති වාර්තාවක් මගින් 2024 වර්ෂයේ දි කරුණු අනාවරණය කොට තිබුණි. මෙකි ඖෂධ දෙක තත්ත්වයෙන් අසමත්විම හේතුවෙන් 2023 වර්ෂයේ ඔක්තෝබර් මස භාවිතයෙන් ඉවත්කර තිබුණි.
සෞඛ්‍ය අමාත්‍යංශය සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතුළත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
ලලිත් චාමින්ද