ප්‍රමිතියෙන් බාල ඖෂධ රට තුළට ගෙන ඒම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබන පරීක්ෂණය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදිය යුතු පූර්ණ සහය ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
ඒ මහතා අද (29) පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඒ බව අවධාරණය කළේය .
එහිදී පේරාදෙණිය ශික්ෂන රෝහලේ වෛද්‍යවරුන් සහ නිලධාරීන් අමතමින් අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ තමන් අමාත්‍ය ධුරයට පත් වී දෙවැනි මාසය අවසන් වී තිබෙන බවත් එහිදී සෞඛ්‍ය අමාත්‍යංශය මුහුණ දුන් ප්‍රධාන කරුණු හතරක් අවබෝධ කරගනිමින් ඖෂධ හිඟතාවය මගහරිමෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලිය මිලදී ගැනීමේ ක්‍රමවේදය සහ ගුණාත්මක භාවයෙන් යුතු ඖෂධ මිලදී ගැනීම සඳහා වු සියලු ක්‍රියාමාර්ග මේ වනවිට ගෙන තිබෙන බවද අමාත්‍යවරයා පැවසීය .
දෙවනි කාරණය වූ බුද්ධි බුද්ධි ගලනය පිළිබඳ ප්රශ්නය විසඳීම සඳහා වෛද්‍යවරුන් ඇතුළු අනෙකුත් වෘත්තිකයන්ට යහපත් පරිසරයක ජීවත් වෙමින් තමන්ගේ සේවාව මේ රටේ ජනතාවට ලබාදිය හැකි පරිසරයක් සකස් කිරීමේ හැකියාව තමන් සතුව තිබෙන බවද අමාත්‍යවරයා පැවසීය .
තුන්වැනි කාරණය වූ දරුවන් අතර මන්දපෝෂණය ඉහළ තත්ත්වයකට ගොස් ඇති බවත් එම තත්ත්වය දුරු කිරීම සඳහා රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන සමග එකතුවී විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය .
අවසන් කාරණය වූ රෝහල් හා කාර්ය මණ්ඩලවල අතපසුවීම් සම්බන්ධ පැමිණිලි 600ක් වසරකට ලැබෙන බවත් එම පැමිණිලි නිරීක්ෂණය කිරීමේදී රෝහල්වලින් අතපසුවීම් සිදුවී තිබෙන බවට නිරීක්ෂණය වන බවත් ඉදිරියේදී වඩාත් යහපත් සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු යොදන බවද අමාත්‍යවරයා පැවසීය .
ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් හැටියට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කොට තිබුණත් සරම්ප රෝගය රට තුළ තරමක වැඩිවීමක් තිබෙන බවත් එම තත්ත්වය සැලකිල්ලට ගෙන ජනවාරි මාසය දෙවැනි සතියේ සිට විශේෂ එන්නත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් එය ශ්‍රී ලංකාවේ සෑම සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානයක් ආශ්‍රිතව සිදුකරන බැවින් තමන්ගේ දරුවන්ට එම සරම්ප එන්නත මෙතෙක් ලබා දී නොමැති නම් දරුවන්ට එය ලබාදීමට පියවර ගන්නා ලෙස ද එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය .