ලෝකයේ විශිෂ්ඨතම සෞඛ්‍ය පද්ධතියක් සහිත මෙරට නිදහස් සෞඛ්‍ය ක්ෂේත්රය රැක ගැනීම රජයේ පමණක් නොව, සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා මහජනතාව මෙන්ම ජන මාධ්‍යයේ ද වගකීමක් බව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා අවධාරණය කළේය.
සෞඛ්‍ය ක්ෂේත්රයේ කීර්තිය රැක ගැනීමට නම් එහි විශිෂ්ඨත්වය රැක ගත යුතු බවත් එහිදී සෞඛ්‍ය පරිපාලකයන්ට වගකිව යුතු කාර්යභාරයක් පැවරෙන බවත් ඔහු පැවසීය.
බාල ඖෂධ යනුවෙන් ඖෂධ කාණ්ඩයක් ලොව කිසිම රටක නිශ්පාදනය නොකරනන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙරටට ගෙන්වනු ලබන්නේ අදාළ රටවල මෙන්ම ඖෂධ නියාමන අධිකාරියේ ද ලියාපදිංචි කළ ඖෂධ පමණක් බවත් ඒ මහතා සඳහන් කළේය.
බටහිර වෛද්‍ය විද්‍යාවේ භාවිතා වන ඖෂධ මඟින් සංකූලතාවයක් හෝ ආසාත්මිකතා ඇති වීම සාමාන්‍ය කරුණක් වන නමුත් ඒවා නිසි ලෙස කළමනාකරණය කිරීමට අවශ්‍ය ක්‍රමවේද වසර ගණනාවක සිට මෙරට ක්‍රියාත්මක වන බවද ඒ මහතා පැවසීය.
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති මාධ්‍ය අංශය නිෂ්පාදනය කරන ‘වන් – ඕ – වන් කතා’ වැඩසටහන සමඟ එක්වෙමිනි.
ඖෂධවලින් ඇතිවන සංකූළතා අවම කරගැනීමට රෝගීන්ගෙන් ලැබෙන සහාය ද ඉතා වැදගත් බව සඳහන් කළ විශේෂඥ වෛද්‍ය හේවගේ මහතා ඖෂධ ආසාත්මිකතාවයක් සිදු වූ අවස්ථාවකදී අදාළ රෝහල තුළ සිදු වන කළමනාකරණයට අමතරව ඖෂධ නියාමන අධිකාරියේ වෙබ් අඩවියේ ඇති Pharmacovigilance පිටුව හරහා එවැනි සිදුවීම් ක්ෂණිකව වාර්තා කිරීමේ මාර්ගගත ක්‍රමවේදයක් මේ වන විටත් පවතින බවද පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා මෙසේද පැවසීය.