බාලවයස්කාර දැරියක් විවහපත් කරගැනිමට ජයට මගුල් කෑමට ගොස් අත්අඩංගුවට ගත් තරුණයා ඇපමත මුදා හරින ලෙස මොරටුව වැඩබලන මහේස්ත්‍රාත් ජෝසප් ප්‍රනාන්දු මහතා (9) නියෝග කලේය.
මෙම නියෝගය නිකුත් කෙරුනේ කොරළවැල්ල ලිපිනයේ පදිංචි නන්දික ප්‍රනාන්දු නමැති අයෙකුටය.
දැරිය පරිවාස නිලධාරීන්ට ඉදිරිපත් කර පරිවාස වාර්තාවක් කැඳවන ලෙසද වැඩ බලන මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කරනු ලැබීය
දැරිය මංගල නීතියානුකූල භාරකාරත්වයෙන් අපහරණය යන චෝදනාව යටතේ උත්සවය අතරතුර උඩරට මංගල ඇඳුම් පිටින් අත්අඩංගුවට ගනු ලැබීය.
ජාතික ළමා ආරක්ෂණ අධිකාරියෙන් 1929 හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට පත්විය.
වින්දිත පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ෂර්මිලා ආර් සිල්වා මහත්මිය පෙනී සිටි අතර සැකකරුගේ පාර්ශවයෙන් නීතිඥ ප්‍රියන්ත අධිපත්තු මහතා පෙනී සිටියහ.
එහි නීතිඥ දෙදෙනා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙය ප්‍රේම සම්බන්ධතාවයක් මත සිදු වූ කටයුත්තක් බව පැවසීය ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් වැඩබලන මහේස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදා හරින ලෙස නියෝග කළේය.
මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා