බාලවස්කාර සාමනේර හිමිනමකට වසර තුනක පමණ කාලයක සිට බරපතළ ලිංගික අතවර කල විහාරාධිපති හිමි නමක් ඇතුළු ස්වාමීන් වහන්සේලා තුන් නමක් අද (11) අත්අඩංගුවට ගත්බව පයාගල පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර , පයාගල ගොරකදෙනිය විහාරස්ථානයක වැඩවසන 43 හැව්රිදි විහාරාධිපති හිමියන් සහ 17 වියැති දෙනමක් බව පොලිසිය කිය.
අතවරයට පත් 11 හැව්රිදි සාමනේර හිමි නමගේ මව විසින් කල පැමිණිල්ලක් අනුව පොලිසිය පරීක්ෂණ සිදුකල අතර , උන්වහන්සේලා විහාරස්ථානයෙන් පලාගොස් සිට්න ලදී.
ඉකුත් මැයි 04 නීතිඥයකු මාර්ගයෙන් කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඇප අයදුම්පතක් යොමුකර තිබූ අතර , එය ප්‍රතික්ෂේප කර අත්අඩංගුවට ගන්නැයි අධිකරණයට පොලිසියට නියෝග කර තිබුණි.
ඒ අනුව පලාගොස් සිටී ස්වාමීන් වහන්සේලා තුන්නම අද පයාගල පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.
2021 වර්ෂයේ සිට විහාරාධිපති හිමි සහ අනෙන් ස්වාමීන් වහන්සේලා දෙනම සිය කාමර වලදී සාමනේර හිමිනමට වරින්වර බරපතළ ලිංගික අතවර සිදුකල බවට පැමිණිල්ලේ සදහන්ව ඇතැයි පොලිසිය කීය.
අතවරයට පත් සමනේර හිමි වෛද්‍ය පරීක්ෂණ සදහා කළුතර ශීක්ෂණ රෝහලට යොමුකර වෛද්‍ය වාර්තා ලබාගත් බවද සදහන් වේ.
සැකකාර හිමිවරුන් වැඩිදුර විමර්ශන සදහා ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානය වෙත භාරදුන් බවද පොලිසිය පැවසීය.
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිළධාරීන් පරීක්ෂණ පවත්වන ලදී .
සුමිත් පොතුපිටිය