එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් මහත්මිය එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඇය එම ධුරයට පත්ව දින 45කට පසුව මෙසේ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්ව තිබේ.
මේ අනුව බ්‍රිතාන්‍ය නව අගමැතිවරයා ඉදිරි දින කිහිපය තුළදී පත්විමට නියමිතය. ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කළ ආකාරයේ බදු කප්පාදුවක් සිදුකිරීමට ලීස් ට්‍රස් මහත්මිය සැලසුම් කිරීමත් සමග ඇයගේ පාලනය දෙදරා යාමට පටන් ගත් අතර කෙසේ වෙතත් එම ප්‍රතිපත්තිය වෙනස් කිරීමට ඇය කටයුතු කළාය.