තම ධුර කාලය ආරම්භ කරන නව බ්‍රිතාන්‍ය අගමැති ඇන්ඩි බර්න්හැම් සිය ජාතිය අමතමින් කළ කතාවේදී සදහන් කළේ බ්‍රිතාන්‍යයට "බලාපොරොත්තුව නැවත ගෙන ඒමට" ප්‍රතිඥා දෙන බවයි.
බ්‍රිතාන්‍ය දේශපාලනයට පසුගිය වසර 40 තුළ සිදුනොවූ විශාලතම වෙනස්කම් සිදුකිරිමට අවශ්‍ය බව බර්න්හැම් පැවසීය.
මෙම වසර අගදී වසර 10ක "බ්‍රිතාන්‍යය සඳහා නව සැලැස්මක්" එළිදැක්වීමට අපේක්ෂා කරන බවත් ඔහු පැවැසීය.
"දැන් මිනිසුන්ට හුස්ම ගැනීමට ඉඩක්, ජීවන වියදමට යම් උපකාරයක්" කරන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම සතියේ නිවේදන නිකුත් කිරීමට බලාපොරොත්ත වන බව බර්න්හැම් පැවැසිය.
