බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 09 දෙනෙකු මේජර් ජෙනරල් නිලයට උසස් කිරීමට කටයුතු කර තිබේ.යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම උසස් කිරීීම් සිදුකර තබේ.
23 සේනාංකයේ සේනාංකාධිපති ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බ්‍රිගේඩියර් ෂෙවන්ත කුලතුංග
විදේශ පාඨමාලාවක නිරත ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් මිහිදු පෙරේරා
58 සේනාංකයේ සේනාංකාධිපති විශේෂ බලකායේ බ්‍රිගේඩියර් විපුල ඉහළගේ
යුධෝපකරණ සේවා අධ්යක්ෂ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බළකායේ බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් විතානාච්චි
මාණ්ඩලික රාජකාරි අධ්යක්ෂ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බ්‍රිගේඩියර් මංජුල කාරියවසම්
57 සේනාංකයේ සේනාංකාධිපති විශේෂ බලකායේ බ්‍රිගේඩියර් චන්දිමාල් පීරිස්
21 සේනාංකයේ සේනාකාධිපති විශේෂ බලකායේ බ්‍රිගේඩියර් නිශ්යංක ඊරියග
ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්තව සේවයේ නියුතු විශේෂ බළකායේ බ්‍රිගේඩියර් මහින්ද රණසිංහ
විදේශ පාඨමාලාවක නිරත ගැමුණු හේවා බළකායේ බ්‍රිගේඩියර් වජිර වෙලගෙදර
යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඒ අනුව මේජර් ජෙනරල් නිලයට උසස් කරන ලදී