බ්ලූමැන්ඩන් සංඛ හා මොදර චතුර අබුඩාබි සිට ලංකාවට ගෙන එයි
ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍යව සිටි සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර රැදී සිටියදී , එරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන , 06/13 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත එරටින් පිටුවහල් කර එවා තිබේ.
මොවුන් මෙරටින් පළා ගොස් අබුඩාබි නුවර සැගවී සිටින අතරතුර , මැදපෙරදිග යුද්ධයේ දී , ඉරානය විසින් ප්‍රහාර සදහා භාවිතා කළ ඩ්‍රෝන යානා සහ මිසයිල වල ජායාරූප සහ වීඩීයෝ දර්ශන තම ජංගම දුරකථන වල රදවා තබා ගෙන සිටියදී , එරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන , බන්ධනාගාර ගත කර , පසුව , මෙසේ මෙරටට පිටුවහල් කර එවා තිබේ.
මොවුන් අතරින් එක් අයෙකු කපුරු බණ්ඩාරගේ දොන් චතුර දිල්රුක්ෂාන් නොහොත් මෝදර නිපුනගේ මල්ලී නොහොත් මෝදර චතුර වේ . කොළඹ 15 , මෝදර මාවතේ පදිංචි මොහු 25 හැවිරිදි අයෙකි .
අනෙක් පුද්ගලයා රණසිංහ ආරච්චිගේ සංඛ ශිරාන්ත නොහොත් බ්ලුමැන්ඩල් සංඛ නැමති අයෙකි . 41 හැවිරිදි ඔහු කොළඹ 15 , හේනමුල්ල හරස් වීදියේ පදිංචිකරුවෙකි . බ්ලූමැන්ඩල් සංඛ , රණසිංහ ආරච්චිගේ රුවන් චාමර නමින් එන්.8739521 අංක දරන ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රය භාවිතා කරමින් විදේශ ගත වී තිබුණි .
මොවුන් දෙදෙනා 06/13 දින රාත්‍රී 08.58 ට අබුඩාබි නුවර සිට, එයාර් ඒෂියා ගුවන් සේවයේ 3.එල්.- 708 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .
මොවුන් දෙදෙනා ගුවන් තොටුපොළ වෙත පැමිණි පසු , ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන , දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව , මෝදර චතුර , 06/14 දින අලුයම කොළඹ , නාරාහේන්පිට , මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත රැගෙන ගියේය .
බ්ලූමැන්ඩල් සංඛ ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රදවා තබා ගෙන , ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු මෝදර , කොළඹ උතුර අපරාධ කොට්ඨාශය වෙත රැගෙන ගියේය .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

