බහුදින යාත්‍රාව පෙරළී 05ක් අතුරුදහන්
ත්‍රිකුණාමල ධිවර වරායෙන් මුහුදුගිය " සස්මි දුව 02 " බහුදින ධිවර යාත්‍රාව දේශිය ගැඹුරු මුහුදේ සුළි කුණාටුවකට හසු වි පෙරළී ගොස් ඇති අතර යාත්‍රාවේ සිටි නියමුවා ඇතුලු පස්දෙනෙකු අතුරුදහන් වි ඇතැයි ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.
මෙම බහුදින ධිවර යාත්‍රාව ඉකුත් අප්‍රේල් 22දා ත්‍රිකුණාමලයෙන් රැකියාව සදහා පිටත්ව ගොස් තිබුණි.මෙලෙස අතුරුදහන් වි ඇත්තේ නියමුවා වන පි.පි.ප්‍රේමශාන්ත, සෙසු ධිවර කාර්මිකයන් වන ඩබ්.ආර්.ඩි.රසාංග, ඩබ්.සී.පි.කුමාර, ආර්.බි.ඩබ්.බණ්ඩාර හා එ.ඩබ්.එම් පිවීරසේකර යන අයයි.මෙම ධිවර කාර්මිකයන් අතූරුදහන්විම සම්බන්ධයෙන් සෙවිම සදහා ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මෙම ධිවර කාර්මිකයන් සෙවිම සදහා නාවික හමුදාවට දැනුම් දි තිබේ.පෙරළුණු ධිවර යාත්‍රාව මුනින් අතට හැරි ගැඹුරු මුහුදේ පාවෙමින් තිබෙනු සෙසු ධිවර යාත්‍රාවල කාර්මිකයන් දැක ඇතැයි ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පැවසීය.
ත්‍රිකුණාමලය චමෝද්‍යා නේත්‍රාංජලි අමරජිව

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

