ගාලු පාර හික්කඩුව පැරෑලිය ධීවර කර්මාන්තය හා බැදුණු ආයතනයක් පිටුපස වෙරළ තීරයේ ගාල් කර තිබූ බහු දින ධීවර යාතාවක් තුළ සඟවා තිබූ රුසියාවේ නිෂ්පාදිත බෝර දොළහ වර්ගයේ ගිනි අවියක් ඊයේ (17) සොයා ගත් බව වලාන මධයම දූෂණ මර්ධන ඒකකය කියයි.
මේ ගිනි අවිය සඟවා තිබූ බහු දින ධීවර යාතාව ධීවර කර්මාන්තය සඳහා මුහුදු නොයන භාවිතයෙන් ඉවත් කරන එකක් බවද එම මර්ධන ඒකකය කියයි.
බොහෝවිට මේ ගිනි අවිය පැරෑලිය හා ඒ අවට පාතාලයට සම්බන්ධ අයෙකුගේ විය හැකි බවත් යම් අපරාදයක් කිරීමේ අරමුණින් මෙය මේ බහු දින ධීවර යාතාවේ සගවන්නට ඇති බවත් පොලීසිය සැකකරයි. අත්අඩංගුවට ගත් ගිනි අවිය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන නැති බවත් ඒ සඳහා පරීක්ෂණ ආරම්භ කළ බවත් පොලීසිය කියයි.
වලාන මධයම දූෂණ මර්ධන පහාරක ඒකකයේ නිලධාරීන් වෙත ලද තොරතුරකට අනුව එම ඒකකයේ පොලිස් පරීක්සක චතුරංග මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ ගිනි අවිය සොයා ගන්න්නා ලදි.
