කිසිදු දේශපාලන පක්ෂයකට හෝ ස්වාධින කණ්ඩායමකට බහුතර බලයක් හිමිකරගැනිමට නොහැකිවු දකුණු පළාතේ පළාත් පාලන ආයතන 15න් 14ක නගරාධිපති,නියෝජ්‍ය නගරාධිපති, සභාපති හා උප සභාපති තෝරාපත්කර ගැනිමේ කටයුතු අවසන්කොට ඇති බැව් දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් එරන්දි උමංගා මැන්දිස් මහත්මිය සදහන් කළාය.
වැලිගම ප්‍රා දේශිය සභාවේ රැස්විම කල්දැමිමට සිදුවු බවත් පළාත් පාලන පනත ප්‍රකාරව එම පළාත් පාලන ආයතනයේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරාගැනිම සදහා මසක් ඇතුලත නැවත රැස්විමක් පැවැත්වෙන බවද පළාත් පළාත් පාලන කොමසාරිස්වරිය සදහන් කළාය. මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ වැලිවිටිය දිවිතුර, නෙළුව, නාගොඩ, රජ්ගම, ගාල්ල මහනගර සභාව, හික්කඩුව,නගරසභාව, බලපිටිය, බෙන්තොට, බද්දේගම යන පළාත් පාලන ආයතන වල මංගල රැස්විම පවත්වා අයතන ප්‍රධානින් පත්කොට ඇත.
එමෙන්ම මාතර දිස්ත්‍රික්කයේ මුලටියන හා වැලිගම නගරසභාවේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන,හම්බන්තොට නගරසභාව, සහ තංගල්ල නගර සභාව යන පළාත් පාලන ආයතනවල ප්‍රධානින් පත්කරගෙන ඇත.
මින් ගාල්ල මහනගර සභාව, හික්කඩුව නගර සභාව,බලපිටිය ප්‍රාෙද්ශිය සභාව බද්දේගම ප්‍රා දේශිය සභාව, වැලිගම නගරසභාව, තංගල්ල නගර සභාව කටුවන ප්‍ර දේශිය සභාව යන පළාත් පාලන ආයතනවල බලය ජාතික ජනබලවේගය විසින් තහවුරුකරගනු ලැබිය. වැලිවිටිය දිවිතුර, නෙළුව, නාගොඩ, රජ්ගම, බෙන්තොට, මුලටියන, හම්බන්තොට මහනගර සභාව යන පළාත් පාලන ආයතනවල බලය සමගිජනබලවේගය ප්රමුඛ විපක්ෂය විසින් දිනාගනු ලැබිය.
චන්දන සමරවික්‍රම