පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වන ලෙස ආණ්ඩු පක්ෂය විසින් විපක්ෂයට අභියෝගයක් කළේය. රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතාද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සඳහන් කළේ හැකිනම් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන ලෙසයි.
එසේම මේ වන විට රටපුරා පවතින විරෝධතා දේශපාලන කුමන්ත්‍රණයක් බවද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුම පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පැවැසීය.