ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවු බහින් බස් විමක් දුර දිග යාමෙන් ඊයේ (07දා) රාත්‍රියේ ඇතිවු ගැටුමකදි තියුණු ආයුධයකින් පහර කෑ පුද්ගලයෙකු බරපතල තුවාල සහිතව රාගම අරෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව මිය ගොස් ඇති බව රාගම පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 55 වු ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බව පොලිසිය සදහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලිස් වසමට අයත් වැලිපිල්ලෑව පොකුණ හන්දියේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව රාගම පොලිසිය පවසයි.
ගැටුමේදි ඇතිවු කැපුම් තුවාල නිසා පොලිස් බාරයට ගෙන ඇති සැකකරුද ප්‍රතිකාර සදහා මුලින් රාගම රෝහලට ඇතුලත් කොට අනතුරුව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ බව රාගම පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අසේල පෙරේරා මහතා සදහන් කරයි.
රාගම පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකල වැඩිදුර විමර්ශන කටයුතු වලදි මියගිය පුද්ගලයාගේ දියනිය සහ සැකකරු අතර ප්‍රේම සම්බන්ධයක් තිබි ඇති බවත් මියගිය පුද්ගලයාගේ ජංගම දුරකථනය නැතිවු අවස්තාවේ ඒපිළිබදව විමසිමට මරණකරු තවත් දෙදෙනෙකු සමග සැකකරුගේ නිවසට ගොස් ඇති අතර එහිදි ගැටුමක් ඇතිවි සැකකරු තියුණු ආයුධයකින් මිරණකරුට පහරදී ඇති බව අනාවරණය වු බව රාගම පොලිසිය ප්‍රකාශ කරයි.
මරණකරු සමග සැකකරුගේ නිවසට ගිය අනෙක් පුද්ගලයන් දෙදෙනාටද සැකකරු පහර දිමට උත්සහ ගත් අවස්තාවේ ඔවුන් එම ස්ථානයෙන් බැහරට දිවගොස් බේරුණු බවට පොලිසියට කටඋත්තරයක් ලබා දි ඇත.
මියගිය පුද්ගලයා නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවත් ඔහුගේ බිරිඳ නීති විරෝධී මත් ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් සිරගත වී සිටින බවත් සැකකරුද කලක් මොවුන් සමග මත් ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයෙකු බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් සිදු කරණ ලද විමර්ශන කටයුතු වලදී අනාවරණය කරගත හැකිවු බවද රාගම පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අසේල පෙරේරා මහතා ප්‍රකාශ කරයි.
ජාඇල තිස්ස කොටින්කඩුව