බහාලුම් ප්‍රවාහන රථ ගාස්තු ඉහළ දැමීමට සමස්ත ලංකා ඒක්සත් බහාලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. මේ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට 10කින් ඉහළ නැංවීමට නියමිතය. ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව මෙසේ බහාලුම් ප්‍රවාහන ගාස්තුද ඉහළ නංවා තිබේ.