ඉන්ධන සහ අමතර කොටස් මිල ඉහල යාම හේතුවෙන් බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට 65 කින් ඉහළ දමන බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා පැවසීය.
ඩීසල් මිල ඉහළ දැමීමට සහ අමතර කොටස් මිල ඉහල යාම නිසා මෙම පියවර ගත් බව ඔහු සඳහන් කළේය.
අද (20දා) මධ්‍යම රාත්‍රියේ සිට මෙම ගාස්තු වැඩි කිරීම ක්‍රියාත්මක කෙරේ.