කතරගම සිට කොළඹ බලා ධාවනය වූ අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයක් සහ යතුරුපැදියක් ඊයේ (24දා) රාත්‍රි මුහුණට මුහුණ ගැටී සිදුවූ රිය අනතුරකින් යතුරුපැදිකරු මියගොස් ඇතැයි පයාගල පොලිසිය පවසයි .
අනතුරෙන් මියගොස් ඇත්තේ මග්ගොන, මුංහේන පාරේ පදිංචිව සිටී මොහොමඩ් උවේයිස් අෆ්සාම් අහමඩ් නැමැති 26 හැවිරිදි ව්‍යාපාරික තරුණයෙකු බව පොලිසිය කීය.
කතරගම සිට කොළඹ බලා ධාවනයවූ මගීන් රැගත් අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථය උතුරු පයාගල මංසන්ධිය ආසන්නයේ දී කොළඹ දෙසින් පැමිණි යතුරුපැදියේ මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව තිබේ.
අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇතැයි රෝහල් ප්‍රකාශයකයෙක් පැවසීය .
බස් රථයේ ගැටුන යතුරුපැදිය බසයේ ඉදිරි දකුණු පස රෝදයට යටවී සිරවී තිබූ අයුරු දැකගත හැකිවිය .
අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර , කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
පානදුර සුමිත් පොතුපිටිය
