පොලොන්නරුව - මඩකලපුව ප්රධාන මාර්ගයේ මනම්පිටිය කොටලිය පාලම අසල අද (01දා) උදෑසන 6,30 ට පමණ පෞද්ගලික බස් රථයක් සහ ත්රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරෙන් ත්රීරෝද රථයේ ගමන් ගත් තිදෙනක් මියගොස් ඇති බව මනම්පිටිය පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ අරලගංවිල අරුණපුර අංක 48 ලිපිනයේ පදිංචිව සිටි 67 වියති යූ. ඩබ්ලිව්. ජී. රණ්බන්ඩා මහතා සහ ඔහුගේ බිරිඳ වන 62 වියැති පී.කේ. නන්දාවති යන යුවල සහ ඔවුන්ගේ ඥාතිවරියක් වන ටී. ,ජී,විමලා රන්දෙණිය යන 72 වියේ පසුවන කාන්තාවක් බව පරීක්ෂණ සිදුකරන මනම්පිටිය පොලිසිය පවසයි.
ත්රී රෝද රථයේ ගමන් ගත් පිරිස අරලගංවිල අරුණපුර සිට මාතලේ ප්රදේශයේ ඥාති නිවසකට යමින් සිටි තිදෙනෙකු බවත් පෞද්ගලික බස්රථය පොලොන්නරුව දෙස සිට මඩකලපුව ශීක්ෂණ රෝහල සඳහා කාර්ය මන්ඩලයේ පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථයක් බව ද පරීක්ෂණ සිදුකරන මනම්පිටිය පොලිස් ස්ථානාධිපති අසේල සරත් කුමාර මහතා පැවසීය.
අනතුරුට සම්බන්ධ බස් බස්රථයේ රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව ද ඔහු සඳහන් කළේය ය
ත්රරෝද රථය තවත් බස් රථයකට ඉස්සර කිරීමට යෑමේදී ඉදිරියෙන් පැමිණි පෞද්ගලික බස්රථයේ මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදු වූ බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව ද පරීක්ෂණ සිදුකරන මනම්පිටිය පොලිසිය කියයි.
මනම්පිටිය නිමල් ජයරත්න