බස් - ත්‍රිරෝද ගැටී 7 හැවිරිදි දැරිය මරුට
කාන්තාවක් විසින් පැදවූ ත්‍රිරෝද රථයක් බදුල්ල කහටරුප්ප මාර්ගයේ අම්පිටිය මංසංධියේදි ඊයේ (27දා) සවස ලංගම බස් රථයක ගැටී සිදුවූ අනතුරකින් එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් හත් හැවිරිදි දියණයක් මියගොස් තවත් තිදෙනෙකුට බරපතල තුවාල සිදුවී ඇතැයි බදුල්ල පොලිසිය පවසයි .
බදුල්ල මහ රෝහල වෙත රැගෙන යමින් සිටියදී මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ මුතුමාල ගොවිපල කැන්දගොල්ල ලිපිනයේ පදිංචි ඩබ්ලිව් .කේ.ඒ නාදින්යා සත්සරණි නැමැති හත් හැවිරිදි පාසැල් ශීෂ්‍යාවකි .
තම දියණිය හා ඇගේ මිතුරියක උපකාරක පන්තියකට රැගෙන ගොස් නිවස බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව විමර්ශන වලදී අනාවරණය වී තිබේ
අනතුරින් තුවාල ලැබූ රිය පැදවූ කාන්තාව , ඇගේ සහෝදරිය හා අනෙක් ශිෂ්‍යාව බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබේ .
මේ සම්බන්ධයෙන් බස්රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අතර පොලිසිය වැඩිදුරටත් විමර්ශන සිදු කරයි.
බදුල්ලේ පාලිත ආරියවංශ

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
