බස් ව්‍යාපාරිකයාගෙන් රු.30000 ක අල්ලසක් ගත් ප්‍රවාහන නිලධාරීන් දෙකක් අල්ලයි
ලබුකැලේ ප්‍රදේශයේ රියදුරු/ බස් රථ ව්යාපාරිකයෙයෙකුගෙන් රු.30,000/- ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ, නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙක් එම කාර්යාලයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් 2024.02.20 වන දින පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
ලබුකැලේ ව්‍යාපාරිකයා විසින් කරන ලද පැමිණිල්ලට අනුව පැමිණිලිකරු මිළදී ගත් බස් රථයේ මාර්ග බලපත්‍රය, පැමිණිලිකරුගේ නමින් පවරා ගැනීමට අවශ්‍ය කටයුතු කර දීමට හා එහි දැනට පවතින බස් පංතිය වෙනස් කර රජයේ ගාස්තු අඩු මුදලක් වන පරිදි කටයුතු කර දීමට හා අදාළ මූල්‍ය සමගම වෙත ලිපියක් ලබා දීමට අවශ්‍ය කටයුතු කර දීම සඳහා
මෙම අල්ලස ලබාගෙන ඇතැයිඅල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. රු. 30,000/- ක අල්ලස් මුදලක් භාර ගැනීම හා ඒ සඳහා ආධාර අනුබල දීම මෙහි පළමු සැකකරුවන මධ්‍යම පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ, නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයේ කළමනාකරණ සහකාරවරයාට එරෙහිව පවතින චෝදනාවවේ.
එමෙන්ම ඉහත මුදල පළමු සැකකරු මගින් ඉල්ලා, ලබා ගැනීම මෙහි දෙවන සැකකරුවන එම අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් කළමනාකරුට එරෙහිව පවතින චෝදනාව බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
ජේ.ඉඳුරුවගේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
